30th June 2021 10:30:53 Hours
56 වන සේනාංකය යටතේ ස්ථාපිත 561 වන බලසේනාවට අයත් 17 වන විජයබාහු පාබල රෙජමේන්තුවේ භටපිරිස් පසුගිය සඳුදා (28) දින නැදුන්කර්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් පහකට වියළි සලාක පාර්සල් බෙදාදුන්හ.
මෙම වැඩසටහන සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල සහ 561 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත රත්නායක ගේ සහයෝගය ද හිමිවූහ. එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා සමඟ සාකච්ඡා කර ප්‍රතිලාභීන් තොරාගනු ලැබූහ.