Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2021 10:00:53 Hours

බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන විද්‍යාලයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම්. ශෆියුල් බාරි (Commodore M Shafiul Bari) ත්‍රිකුණාමලයේ පිහිටි භටකාර්ය සම්පාදන විද්‍යාලයේ පාඨමාලා අංක - 07 හදාරනු ලබන බංගලාදේශ යුද්ධ හමුදා කෙඩෙට් නිලධාරින්ගේ සුවදුක් විමසීම සඳහා එම විද්‍යාලයේ සංචාරයක නිරත වූයේය. එම විද්‍යාලය වෙත සපැමිණි කොමදෝරු එම්. ශෆියුල් බාරි වෙත භටකාර්ය සම්පාදන විද්‍යාලයේ කාර්ය මණ්ඩලය උණුසුම් අයුරින් පිළිගත්හ.

බංගලාදේශ ආරක්‍ෂක උපදේශක බංගලාදේශ කෙඩෙට් නිලධාරින් සමඟ තොරතුරු හුවමාරු කරගැනීමට ප්‍රථම භටකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රංජන් ජයසේකර විසින් කොමදෝරු එම්. ශෆියුල් බාරි එම විද්‍යාලය වෙත උණුසුම් අයුරින් පිළිගත්තේය. ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් රංජන් ජයසේකර භටකාර්ය සම්පාදන විද්‍යාලයේ පුහුණු ක්‍රමවේද සහ විද්‍යාලය සතු පහසුකම් පිළිබඳ බංගලාදේශ ආරක්‍ෂක උපදේශක දැනුවත් කළේය.

ඉන් අනතුරුව, භටකාර්ය සම්පාදන විද්‍යාලයේ පුහුණු ක්‍රමවේදයන් පිළිබඳ ප්‍රධාන උපදේශක කර්නල් සංජීව රංගික විසින් එම විද්‍යාලයේ පුහුණු ක්‍රමවේදයන් පිළිබඳ බංගලාදේශ ආරක්‍ෂක උපදේශක දැනුවත් කළේය. මෙහිදී, දෙරට අතර අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් තහවුරු කරමින් කොමදෝරු එම්. ශෆියුල් බාරි කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළේය.

මෙම සංචාරයේ අවසානය සනිටුහන් කරමින් භටකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක සහ බංගලාදේශ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම්. ශෆියුල් බාරි අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. මෙම සංචාරය අවසානයේ පැවති දිවා භෝජන සංග්‍රහය සඳහා භටකාර්ය සම්පාදන විද්‍යාලයේ පීඨ සාමාජිකයින්, නිත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්, විදේශීය ශිෂ්‍ය නිලධාරින් සහ පාඨමාලා අංක - 07 හදාරනු ලබන බංගලාදේශ යුද්ධ හමුදා කෙඩෙට් නිලධාරින් ද සහභාගී වූහ.