01st July 2021 10:02:09 Hours
යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, 12 වන සේනාංකය යටතේ ස්ථාපිත 121 වන බලසේනාවට අයත් 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් අඟහරුවාදා (29) දින තණමල්විල, හම්බේගමුව ප්‍රදේශයේ ගංජා හේන් දෙකක් වටලා එම ගංජා තොගය විනාශ කිරීමට කටයුතු කළහ.
හම්බේගමුව ප්‍රදේශයේ කැලෑවක් තුළ පර්චස් 40 ක පමණ භූමි භාගයක රහසිගතව සිදුකරගෙන ගිය මෙම ගංජා වගාව රුපියල් මිලියන 10 ක පමණ වටිනාකමකින් යුක්ත වේ. මෙම වැටලීම සිදුකිරීමෙන් අනතුරුව එම ස්ථානයට පොලිස් නිලධාරින් ද පැමිණියහ.
මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු තණමල්විල පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.
මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රජයේ ජාතික ව්‍යාපෘතියට සහයෝගය දක්වමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ මත්ද්‍රව්‍ය තොග සෙවීමට කටයුතු කරති.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ලමාහේවගේ ගේ උපදෙස් හා 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක සහ 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය සේරසිංහ ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළහ.
මෙම මෙහෙයුම 121 වන බලසේනාවේ බලසේනාධිපති ගේ නීරීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.