Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2021 10:20:42 Hours

592 වන බලසේනාවේ භටපිරිස් මුලතිව් රෝහලේ ඇඳන් පිළිසකර කරති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 592 වන බලසේනාවේ භටපිරිස් පසුගිය දා මුලතිව් දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා යොදාගැනීමට ඇඳන් 30 ක් නැවත පිළිසකර කර සෞඛ්‍ය බලධාරින් වෙත භාරදුන්හ.

එලෙස පිළිසකර කිරීමෙන් අනතුරුව, 592 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමින්ද ආරච්චිගේ විසින් එම ඇඳන් තොගය රෝහල් බලධාරින් වෙත පිරිනමන ලදී.

සිවිල් - හමුදා සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.ඩී. සූරියබණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ සිදුකළේය.