Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2021 11:00:51 Hours

යුද්ධ හමුදාවට විද්‍යුත් කන්තුක රේඛන යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සේවාව පැසසුමට ලක් කරමින් එළිෆන්ට් හවුස් සමාජයේ සාමාජිකයින් විසින් පසුගිය අඟහරුවාදා (29) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ භාවිතය සඳහා රුපියල් 140,000.00 ක පමණ වටිනාකමකින් යුත් කන්තුක රේඛන යන්ත්‍රයක් පරිත්‍යාග කළහ. එම යන්ත්‍රය යුද්ධ හමුදා රෝහලේ කොවිඩ් - 19 ප්‍රතිකාර ඒකකයේ භාවිතය සඳහා යෙදවීමට නියමිතව ඇත.

මෙම යන්ත්‍රය එළිෆන්ට් හවුස් සමාජයේ සභාපතිනි දීපානි ගමගේ මහත්මිය විසින් යුද්ධ හමුදා රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ලුතිතන් කර්නල් චම්පික අබේසිංහ වෙත පරිත්‍යාග කළාය. මෙම අවස්ථාවට එළිෆන්ට් හවුස් සමාජයේ ඩී.කේ. කුලසිංහ මහතා, ඩී.එස්.කේ. විතානගේ සහ ලුතිතන් කර්නල් නිලන්ත විජේසිංහ හා ලුතිතන් කර්නල් කේ.ඒ.කේ.එස්. ප්‍රසන්න සහභාගී වූහ.