Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2021 09:38:30 Hours

513 වන බලසේනාවේ භටපිරිස් යාපනයේ කොවිල් පරිශ්‍රයක් පිරිසිදු කරති

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් සහ 513 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මොහොමඩ් ෆාරිස් ගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක හමුදා සහ සිවිල් වැසියන් අතර සංහිඳියාව සහ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් කෝවිල් පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා ‘ශ්‍රමදාන’ වැඩසටහනක් ක්‍රියාත්මක කළහ. ඒ අනුව, පසුගිය සිකුරාදා (25) දින චන්කන්නි ප්‍රදේශයේ පිහිටිමුරුගා මූර්ති හින්දු කෝවිල, වඩලියඩයිප්පු ප්‍රදේශයේ පිහිටි වයිරවන් කෝවිල සහ මුරුගන් කෝවිල පිරිසිදු කළහ.

මෙම වැඩසටහන සඳහා 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සහභාගී වූහ.