Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2021 10:14:56 Hours

යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් වලට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සහය වෙති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න ගේ සම්බන්ධීකරණයෙන් දකුණේ වැඩවසන බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ මූල්‍යමය අනුග්‍රහකත්වයෙන් 64 වන සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (28) දින ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ වෙසෙන බොහෝ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පුද්ගලයින් අතර වියළි සලාක පාර්සල් 250 ක් බෙදාදුන්හ.

ඒ අනුව, කොළඹ 07 ශ්‍රී නාරද බෞද්ධ මධ්‍යස්ථානයේ දේශිය හා විදේශීය දායකයින්ගේ සහයෝගය ඇතිව අතිපූජ්‍ය තලල්ලේ චන්දකිත්ති නායක හිමිපාණන් විසින් අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා බෙදාදීමට එක් පාර්සලයක් රුපියල් 4,500.00 ක පමණ වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් ලබාදීමට මුලිකත්වය ගෙන කටයුතු කළේය. එහිදී, රුපියල් මිලියන 1.2 ක පමණ වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් බෙදාදීමට කටයුතු කරන ලදී.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් තෝරාගැනීමෙන් අනතුරුව මෙම වියළි සලාක පාර්සල් ඔවුන් වෙත බෙදාදීමට කටයුතු කළහ.

මෙම අවස්ථාවට අතිපූජ්‍ය තලල්ලේ චන්දකිත්ති නායක හිමිපාණන්, මැදවච්චිය මහදගල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වත්තේගම නිපුන හිමිපාණන්, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිළපිටිය, 642 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශෂික පෙරේරා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ රාජ්‍ය නිලධාරින් ද සහභාගී වූහ.