01st July 2021 09:00:38 Hours
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණරත්න ගේ සහභාගිත්වයෙන් බදාදා (30) දින පැවති සාකච්ඡාවේදී කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ කාර්යභාරයේ වත්මන් තත්ත්වය පිළිබඳ සමාලෝචනයක නිරත වූහ.
මෙම සාකච්ඡාවේදී, පළාත් අතර සංචරණ සීමා පැනවීම, ප්‍රදේශ හුදකලා කිරීම, විවිධ පාර්ශවයන්ගෙන් සංචරණ සීමා පැනවීම ඉවත්කරන ලෙස කරන ඉල්ලීම්, දැනට සිදුකරමින් පවතින එන්නත්කරණ වැඩසටහන, විදේශ රටවල සිට පැමිණෙන අයවලුන් සඳහා වූ නිරෝධායන වැඩපිළිවෙල, PCR සහ ඇන්ටිජන් පරික්‍ෂණ සිදුකිරීම මෙන්ම රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල ක්‍රියාකාරිත්වය වැනි කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළහ.
මෙහිදී, අදහස් දක්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් සඳහා PCR පරික්‍ෂණ සිදුකිරීමෙන් අනතරුව පමණක් රට තුලට ඇතුලුවීම සඳහා ඉඩ ලබාදීමටත්, ඇතැම් ගුවන් සේවාවන් මගින් ඇන්ටිජන් පරික්‍ෂාවක් පමණක් සිදුකරන ලද අයවලුන් රැගෙන එන බවයි. මින් ඉදිරියට ඔවුන්ට පිළිගත් ආයතනයකින් PCR පරික්‍ෂණයක් සිදුකරගෙන පැමිණිය යුතු වන බවත් මේ වනවිට රජයේ නිරෝධායන මධ්‍යස්ථාන උපරිම ධාරිතාවයට ලඟා වී ඇති බැවින් සහ එන්නත්කරණ වැඩසටහන සිදුවන නිසා විදේශවල සිට පැමිණෙන අයවලුන් නිසි අයුරින් එම පරික්‍ෂණ සිදුකරගෙන ආ යුතු බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ‘එකට සිට ජීවිත සහ ජීවනෝපාය ආරක්‍ෂා කරගනිමු’ (Together let us protect lives and livelihood) යන තේමාව යටතේ රැස්වීම හමුවේ ඉදිරිපත් කිරීමක් (presentation) කරන ලදී. මෙහි තේමාව දැනට ශ්‍රී ලංකාවේ පවතින ක්‍රමෝපායන් සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වන සැලසුම් සම්බන්ධයෙන් සකසා ඇත.
මෙහිදී, අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂතුමා විසින් වර්ථමාන දත්ත හා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ අතර නව වෛරස් ප්‍රභේදය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන ලදී. රත්නපුර සහ නුවරඑළිය ප්‍රදේශවල පසුගිය දින 06 තුළ රෝගීන් 2000 ක් පමණ වාර්ථා වූ බවත් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම, මරණ සංඛ්‍යාව, රෝගීන් සංඛ්‍යාව වැඩිවීම පිළිබඳව ද විස්තර කරන ලදී. නව වෛරස් ප්‍රභේදය සොයාගැනීමත් සමඟ මහජනයා දැඩි අවධානයකින් සිටිය යුතු බවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.