Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2021 18:27:42 Hours

නොරොච්චෝලේ පෞද්ගලික ආරවුලේ සිවිල් මහමොලකරු සොයයි : සැකකාර හමුදා සෙබලා අත්අඩංගුවට

(මාධ්‍ය නිවේදනය)

නොරොච්චෝලේ, පනිඅඩි ප්‍රදේශයේ පවුල් දෙකක් අතර දීර්ඝ කාලයක් පැවති පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පසුගිය අඟහරුවාදා (29) රාත්‍රියේ ඇති වූ ආරවුලකට මැදි වී නිවාඩු මත සිටි යුද්ධ හමුදා සෙබලෙක් නොරොච්චෝලේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිද්ධියට සම්බන්ධ සිවිල් මහමොලකරු සොයා පොලිස් පරික්‍ෂණ පවත්වමින් සිටියි.

මේ අතර, නොරොච්චෝලේ පොලිස් පරික්‍ෂණ වලට සහය දෙමින් අදාළ අය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලීසිය ද පරික්‍ෂණ ආරම්භ කර ඇති අතර මේ වනවිට මෙම සිදුවීමට සම්බන්ධයැයි සැක කෙරෙන යුද්ධ හමුදා සාමාජිකයින් කිහිපදෙනෙකු නිවාඩු මත සිටියදී යුද්ධ හමුදා පොලිස් භාරයට ගෙන වැඩිදුර පරික්‍ෂණ කටයුතු සිදුකරමින් පවතී.

පොලිසිය වාර්තා කරන තොරතුරුවලට අනුව හමුදා නිල ඇඳුම් වලට සමාන ඇඳුම් ඇඳගත් කිහිපදෙනෙක් වින්දිතයාගේ නිවසට ගොස් ඔහු බලහත්කාරයෙන් වාහනයකට නංවාගෙන අතරමගදී අතහැර දමා ගොස් ඇත. (නිමාව)