Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2021 09:40:30 Hours

හබරණ සිදුවීමට අදාළ පරික්‍ෂණ මණ්ඩල විමර්ශන සිදුකෙරේ

(මාධ්‍ය නිවේදනය)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතර පසුගිය ජුනි මස 25 දින හබරණ ප්‍රදේශයේදී ඇති වූ බහින්බස්වීමේ සිදුවීම සැල වූ විගස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් එම සිද්ධියේ සියලු කරුණු විමර්ශනය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරල්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු පරික්‍ෂණ මණ්ඩලයක් පත්කරනු ලැබ ඇත්තේ මේ පිළිබඳ පැමිණිලි පොලිසියට ද වාර්තා වී ඇති හෙයිනි. මීට සමගාමීව යුද්ධ හමුදා පොලිස් පරික්‍ෂණයක් ද සිද්ධිය සිදුවූ වහාම ආරම්භ කොට ඇත.

දැනට අවශ්‍ය කරුණු හා සාක්‍ෂි විමර්ශනය කරමින් කටයුතු කරනු ලබන මෙම මණ්ඩලය විසින් සිදුවීමට අදාල නිරික්ෂණ ඇතුලත් සවිස්තරාත්මක විමර්ශන වාර්තාවක් කඩිනමින් යුද්ධ හමුදාධිපති වෙත ලබාදීමට නියමිතය. (නිමාව)