Header

Sri Lanka Army

Defender of the Nation

29th June 2021 20:00:22 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි නව ආඥාපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි 14 වන ආඥාපති ලෙස බ්‍රිගේඩියර් නිලාම් හේරත් පසුගිය අඟහරුවාදා (22) දින එම මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කළේය.

ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිඑම මූලස්ථාන කාර්ය මණ්ඩලය විසින්උණුසුම් අයුරින් පිළිගත්හ. ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් නිලාම් හේරත් ආගමික වතාවත් මධ්‍යයේ නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

ඉන් අනතුරුව, එම මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි නව ආඥාපති වෙත සිය සුබපැතුම් එක්කළහ.

නව ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර බ්‍රිගේඩියර් නිලම් හේරත් කොස්ගම පිහිටි භටකාර්ය සම්පාදන මූලස්ථානයේ බ්‍රිගේඩියර් භටකාර්ය සම්පාදන ලෙස රාජකාරි ඉටුකළේය. මීට ප්‍රථම ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි ආඥාපති ලෙස රාජකාරි කළ මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන 55 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගත්තේය.