Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2021 09:00:53 Hours

64 වන සේනාංකය අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න විසින් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින වියළි සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කළේය. ඒ අනුව, අයර්ලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලියෙකු වන ලලිත් දැදිගමුව මහතාගේ අනුග්‍රාහකත්වය ඇතිව එම සේනාංකය විසින් අඩු ආදායම්ලාභි පවුල් 50 ක් වෙනුවෙන් වියළි සලාක බෙදාදුන්හ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පෙර 64 වන සේනාංකයේ භටපිරිස් ග්‍රාම සේවා නිලධාරින් සමඟ සාකච්ඡා කර ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් තොරාගත්හ. ඉන් අනතුරුව, එම සේනාංකයේ සේනාංකාධිපති, භටපිරිස් සහ ලලිත් දැදිගමුව මහතා නියෝජනය කරමින් සහභාගී වූ නියෝජිතයින් සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහ.