Header

Sri Lanka Army

Defender of the Nation

29th June 2021 11:00:22 Hours

යුද්ධ හමුදා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරඟබිමේ දස්කම් දක්වති

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුබපැතුම් මධ්‍යයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය දා ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් කිහිපයකට සහභාගී වූ අතර එහිදී සිය රටට සහ යුද්ධ හමුදාවට කීර්තියක් අත්කර දීමට ඔවුන් සමත්වූහ.  

මේ වනවිට දෝහා කටාර් වල පුහුණුවීම්වල නිරතව සිටින ජාතික සංචිතය නියෝජනය කරනු ලබන 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය සෙබළ එස්.එල්.එස්. සිල්වා (සාරංගි) පසුගිය බදාදා (23) දින පැවති ‘76th Cezmi Or Memorial Athletic Championship’ තරඟාවලියට ඉදිරිපත් වී කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.44 ක දුරක් වාර්තා කරමින් රන් පදක්කමක් දිනාගැනීමට සමත්වූවාය. තවද, එය නව වාර්ථාවක් වේ. එමෙන්ම, ඇය 2019 වර්ෂයේ නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළලේ දුර පැනීමේ ඉසව්වට සහභාගී වෙමින් රන් පදක්කමක් ද දිනාගැනීමට සමත් වූවාය.  

මීට අමතරව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් එල්.ජී.එස්. ධනංජය ‘76th Cezmi Or Memorial Athletic Championship’ තරඟාවලියේ පිරිමි දුර පැනීමේ ඉසව්වට සහභාගී වෙමින් මීටර් 7.78 ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනාගැනීමට සමත් වූවේය.

මෙම තරඟාවලියට සහභාගී වීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පූර්ණ මැදිහත්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ අවශ්‍ය සියලු පහසුකම් සම්පාදනය කළේය.