Header

Sri Lanka Army

Defender of the Nation

28th June 2021 11:08:45 Hours

තවත් පුද්ගලයින් 2,123 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර සිය නිවෙස් වෙත පිටව යති

අද (29) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,890 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,850 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 337 ක් ලෙසය. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 268 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 198 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 1,047 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (29) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 255,507 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 149,009 වේ.

අද (29) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 2,251 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (29) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 73 ක් තුළ පුද්ගලයින් 7,317 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (29) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 24 ක් තුළින් පුද්ගලයින් 2,123 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ජුනි මස (27) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 17 ක් සහ පිරිමි මරණ 24 ක් ඇතුලුව මරණ 41 ක් වාර්තා වී ඇත.

අද (29) දින උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරි වසමේ සංහිඳ සෙවන නිවාස සංකීර්ණය හැර සෙසු කොටස් හා ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය පොලිස් බලප්‍රදේශයේ ගල්බොරැල්ල සීයවත්ත ග්‍රාම නිලධාරි වසම හුදකලා කර ඇත. එසේම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ කලුදමද, හපුගස්තලාව, වීරපුර හා පහළ ගොරකඔය, ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම පොලිස් බලප්‍රදේශයේ යටිහේන ග්‍රාම නිලධාරි වසමේ පොල්හේන පාර, ලේක්වීව් පාර හා ආයෝජන මණ්ඩල පාරේ වැව පාරට හැරෙන තෙක්, මීගහවත්ත පොලිස් බලප්‍රදේශයේ සියඹලාපේවත්ත ග්‍රාම නිලධාරි වසමේ උපුල් වසන්ත මාවත, දේවාල පාර, ආරියදාස විතානගේ මාවත, ආරියදාස විතානගේ මාවත අවසන් වන ස්ථානය හා සියඹලාපෙවත්ත කඳුබොඩ පාර, ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව පොලිස් බලප්‍රදේශයේ ගෝනගල ග්‍රාම නිලධාරි වසමේ බොල්තුඩුව ගම, අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ පොලිස් බලප්‍රදේශයේ නව වලතපිටිය ගම්මානය සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන පොලිස් බලප්‍රදේශයේ මීරවෝදි නැගෙනහිර, මීරවෝදි බටහිර හා මැන්චකෝලායි බදුරිය යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා භාවයෙන් ඉවත් කර ඇත.