27th June 2021 23:13:47 Hours
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය බදාදා (23) දින විදේශිකයින් ඇතුලු පුද්ගලයින් 350 දෙනෙකු නිරෝධායන කටයුතුවල නිරතව සිටින නයිවල උසස් තාක්‍ෂණ ආයතනයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූයේය.
එහිදී, මේජර් ජෙනරල් විකුම් ලියනගේ නිලධාරින් හා සෙසු නිලයින් සමඟ ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කරගෙන ඔවුන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර නිරෝධායන කටයුතු සඳහා මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින්ගේ ඉදිරි කටයුතු පිළිබඳ කැපවී ක්‍රියාකරනු ලබන රණවිරුවන්ගේ කාර්යභාරය පැසසුමට ලක් කළේය.
ඉන් අනතුරුව, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල වෙත ගිය මේජර් ජෙනරල් විකුම් ලියනගේ එහි රාජකාරි සඳහා යොදවා සිටින යුද්ධ හමුදා භටපිරිස්වලට ලබාදෙන සුභසාදන පහසුකම් පිළිබඳව සොයාබැලුවේය. එසේම, විදේශයන්වල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගුවන්තොටුපලේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු පිළිබඳව ද සොයාබලන ලදී.
එහිදී, 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ සමඟ සුහඳ කථාබහක නිරත වූ මේජර් ජෙනරල් විකුම් ලියනගේ පරිවර්තනය කරන ලද නයිවල නිරෝධායන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිත්වය සහ ගුවන් තොටුපල රාජකාරිවල නිරත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිපාලන කටයුතු පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ලබාගත්තේය.