Header

Sri Lanka Army

Defender of the Nation

28th June 2021 14:08:45 Hours

66 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලු කඳවුරු කාබනික පොහොර නිෂ්පාදනයට යොමු වේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි විසින් එම ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගැන්වීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් 66 වන සේනාංකය, 661, 662 සහ 663 වන බලසේනා මූලස්ථාන සහ ඒ යටතේ ස්ථාපිත 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුව, 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව යන කඳවුරු පරිශ්‍රයන් වලදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.  

මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ උපදෙස් මත ආරම්භ කරනු ලැබූ අතර 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක, 661 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් දීප්ත ආරියසේන, 662 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමින්ද ලියනගේ සහ 663 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂන ලියනගමගේ අධීක්‍ෂණය යටතේ මේ වන විට ක්‍රියාත්මක වේ.  

කාබනික පොහොරවල වාසි පිළිබඳ මහජනතාව සතු ආකල්ප වර්ධනය කර කාබනික පොහොර නිෂ්පාදනයට ගොවීන් හුරු කිරීමත් ඒ සඳහා තාක්‍ෂණික සහය ලබාදීමටත් යුද්ධ හමුදාව බලාපොරොත්තු වේ.