Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2021 23:19:08 Hours

53 වන සේනාංකයේ සේනාංකාධිපති ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේ සංචාරයක

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ පසුගිය බදාදා (23) දින නිකවැව පිහිටි ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේ සංචාරයක නිරත වූයේය.

ගුවන් සංග්‍රාමික පුහුණු පාසල වෙත සපැමිණි 53 වන සේනාංකයේ සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමෙන් අනතුරුව එම පුහුණු පාසලේ සේනාවිධායක ලුතිතන් කර්නල් එම්.ඒ.ඩී.වයි. මංගල විසින් මේජර් ජෙනරල් නිශාන්ත මානගේ උණුසුම් අයුරින් පිළිගත්තේය.

මෙම සංචාරයේදී, මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් නගරබද සටන් ආකෘති ගම්මානයේ (FIBUAMODELVillage) ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයාබැලුවේය. ඉන් අනතුරුව, එම පුහුණු පාසලේ නව සේනාවිධායක කාර්යාලය මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් විවෘත කළේය. මෙම වැඩසටහන කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝදේශ වලට අනුකූලව පවත්වන ලදී.

මෙම අවස්ථාවට බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී වූහ.