Header

Sri Lanka Army

Defender of the Nation

28th June 2021 12:08:45 Hours

3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් තවත් ලැව්ගින්නක් මැඩපවත්වති 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහකුඩුගල වනාන්තරයේ පසුගිය ඉරිදා (27) දින ඇති වූ ලැව්ගින්නක් පිළිබඳ ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරින් විසින් යුද්ධ හමුදාව වෙත දැනුම්දීමෙන් අනතුරුව 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කඩිනමින් එම ස්ථානය වෙත ගොස් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.  

112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් එම ගින්න පැය කිහිපයක් තුළ සම්පූර්ණයෙන් මැඩපවත්වා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය වෙත දැනුම්දුන්හ.