27th June 2021 23:25:08 Hours
51 වන සේනාංකය යටතේ ස්ථාපිත 512 වන බලසේනාවේ භටපිරිස් එම බලසේනාවේසිවිල් - යුද්ධ හමුදා සහයෝගිතා ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් පසුගිය සිකුරාදා (25) දින අපවිත්‍ර වී තිබූ යාපනය (අඩික්කලන් මාතා) Our Lady of Refuge දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන ප්‍රතිසංධානය සහ ආගමික මිත්‍රත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් සිදුකරනු ලැබූහ.
මෙම වැඩසටහන 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ 512 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චින්තක රාජපක්‍ෂ විසින් අධීක්‍ෂණය කළහ.