Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2021 23:48:17 Hours

දිවංගත මේජර් ජෙනරල් ඒ.එස්.එස්. කේ හමන්ගොඩ සිහිකොට අක්මීමන සහ කරන්දෙණිය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට වියළි සලාක ප්‍රධානය කෙරේ

අක්මීමන රුහුණු ජාතික විද්‍යාපීඨ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සහ කරන්දෙණිය රෝහලේ ස්ථාපිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා සනීපාරක්‍ෂක භාණ්ඩ සහ වියළි සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (25) දින සිදුකෙරිණි. එම පරිත්‍යාගයන් කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් වෙත බෙදාදීම සඳහා එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ සෞඛ්‍ය සේවකයින් සමඟ එක්ව සේවය කරනු ලබන 613 වන බලසේනාව, 9 වන ගැමුණු හේවා බලකාය සහ 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් වෙත භාරදුන්හ.

1996 ජුලි මස 4 දින යාපනය ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරි අතරතුර ත්‍රස්තවාදී ප්‍රහාරයකින් සිය දිවියෙන් සමුගත් මේජර් ජෙනරල් ඒ.එස්.එස්. කේ හමන්ගොඩ ගේ දියණිය විසින් මෙම පරිත්‍යාගය සිදුකළාය. මෙම පරිත්‍යාගය සිදුකිරීම සඳහා එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ගොස් යුද්ධ හමුදා භටපිරිස් වෙත එම පරිත්‍යාගයන් භාරදීමට ඇය කටයුතු කළාය.

61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ ගේ සම්බන්ධීකරණය මත පවත්වනු ලැබූ මෙම වැඩසටහන 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු විසින් අධීක්‍ෂණය කළේය.