Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2021 23:27:08 Hours

කිලිනොච්චි භටපිරිස් කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය මූලික පියවර ගනී

කාබනික පොහොර ප්‍රචලිත කිරිමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ උපදෙස් මත කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන ලදී. ඒ අනුව, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 14 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පොහොර නිෂ්පාදනය සඳහා සුදුසු භූමිය හා මූලික අවශ්‍යතා සකසමින් පවති.

ප්‍රදේශයේ මහජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල සහ 573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පෙරුම ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබයි.