Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2021 23:40:34 Hours

විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 100 දෙනෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්

අද (28) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,867 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 100 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,767 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 378 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 344 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 271 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 774 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (28) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 253,617 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 147,182 වේ.

අද (28) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 2,158 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (28) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 73 ක් තුළ පුද්ගලයින් 8,294 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (28) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 18 ක් තුළින් පුද්ගලයින් 435 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ජුනි මස (26) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 12 ක් සහ පිරිමි මරණ 27 ක් ඇතුලුව මරණ 39 ක් වාර්තා වී ඇත.

අද (28) දින උදෑසන වනවිට දිවයින පුරා පොලිස් බලප්‍රදේශ 09 ක් සහ ග්‍රාම නිලධාරි වසම් 356 ක් සම්පුර්ණයෙන් හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර ඇත. එසේම, අද (28) දින උදෑසන වනවිට දිවයින පුරා ග්‍රාම නිලධාරි වසම් 66 ක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතී.