Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2021 23:30:08 Hours

වන්නි භටපිරිස් ආගමික ස්ථාන සඳහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්‍රදේශයේ ආගමික ස්ථානවල ඇති විවිධ දුෂ්කරතා පිළිබඳ අවධානයට යොමුවීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර විසින් වටවල තේ සමාගමෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම සමාගම මඟින් රුපියල් 7500.00 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් 165 ක් ලබාදුන් අතර යුද්ධ හමුදා භටපිරිස් එම සලාක පාර්සල්ආගමික ස්ථාන වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කළහ.

වටවල තේ සමාගමේ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමණාකරු අනුරාධා දිසානායක මහත්මියගේ සම්බන්ධීකරණයෙන් යුතුව සිදුකළ මෙම ව්‍යාපෘතියේදී යුද්ධ හමුදා නිලධාරින් එම ප්‍රදේශයේ ආගමික ස්ථානවලට බැතිමතුන්ගේ හිඟකම පිළිබඳ සොයාබලා වඩාත් අවශ්‍යතා සහිත ආගමික ස්ථාන හඳුනාගැනීමෙන් අනතුරුව මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.

මෙම වියළි සලාක බෙදාදීමේ ව්‍යාපෘතිය ජුනි මස 20 දින සිට 24 දින දක්වා දින හතරක් අඛණ්ඩව සිදුකරන ලදී. මෙම ව්‍යාපෘතියේ සංවිධායකයින් පොසොන් පොහෝ දින බෞද්ධ විහාරස්ථාන වෙත වියළි සලාක පාර්සල් රැගෙනයාමට කටයුතු කළහ. මෙම ව්‍යාපෘතිය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක, 211 හා 653 වන බලසේනාවේ බලසේනාධිපතිවරුන් සහ වටවල තේ සමාගමේ නිලධාරින් ද සහභාගී වූහ.