Header

Sri Lanka Army

Defender of the Nation

28th June 2021 06:08:45 Hours

55 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 25 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන පසුගිය බදාදා (23) දින යාපනය, කඩ්ඩෙයිකඩ්ඩු ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේදී පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපති 55 වන සේනාංකයේ නිලධාරින් සහ සෙසු නිලයින් විසින් උණුසුම් අයුරින් පිළිගත්හ. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන ආගමික වතාවත් මධ්‍යයේ නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

මෙම අවස්ථාව සඳහා 55 වන සේනාංකය යටතේ සේවය කරන බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් සහභාගී වූහ. මේ වනවිට පවතින කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම කටයුතු සිදුකරන ලදී.

මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි ආඥාපති ලෙස රාජකාරි සිදුකළේය. 55 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස මීට පෙර කටයුතු කළ මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ලෙස රාජකාරි භාරගත්තේය.