Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2021 23:09:41 Hours

11 වන සේනාංකයේ සේනාංකාධිපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි එන්නත්කරණ වැඩසටහන පිළිබඳ සොයාබලයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට කොවිඩ් - 19 ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන නිරීක්‍ෂණය කිරීම සඳහා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ළමාහේවගේ ගේ අධීක්‍ෂණය මත මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ සමස්ත සම්බන්ධීකරණ නිලධාරි සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ පසුගිය සිකුරාදා (25) දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියේය. එහිදී, මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ විශ්වවිද්‍යාල උපකුලපති සහ අනෙකුත් නිලධාරින් ද හමුවූ අතර වෛද්‍ය පීඨයේදී පැවැත්වූ එන්නත්කරණ වැඩසටහන නිරීක්‍ෂණය කළේය.

මෙම එන්නත්කරණ වැඩසටහන තුලින් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 2500 කට පමණ එන්නත් ලබාදෙන ලදී. උපකුලපති මහාචාර්ය එස්.එච්.පී. පරාක්‍රම කරුණාරත්න, නියෝජ්‍ය උපකුලපති සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරින් සමඟ සාකච්ඡා කර මෙම වැඩසටහන පැවැත්වීමට ඉල්ලුම් කර තිබිණි.

මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා සෞඛ්‍ය සේවා නිලධාරින් සමඟ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක්ද යොදවා සිටියහ.