Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2021 23:43:34 Hours

522 වන බලසේනාවේ භටපිරිස් ප්‍රදේශයේ පවුල් අතර දිවා ආහාර පාර්සල් බෙදාදෙති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 522 වන බලසේනාවේ භටපිරිස් පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කරගනිමින් 2021 ජුනි මස 24 දින විඩත්තපලේ සහ එලුදුමඩ්ඩුවාල් ප්‍රදේශවල අවශ්‍යතා සහිත පවුල් වෙත දිවා ආහාර පාර්සල් බෙදාදුන්හ.  

කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.  

මෙම වැඩසටහන සඳහා 7 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ.

522 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක විජේසිරී සහ 7 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.එස්.අයි. ප්‍රනාන්දු විසින් මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් එහි අවසානය දක්වාම සම්බන්ධීකරණ කටයුතු සිදුකළහ.