Header

Sri Lanka Army

Defender of the Nation

25th June 2021 11:00:39 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය 25 වන සංවත්සරය සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය 25 වන සංවත්සරය නිමිත්තෙන් එහි ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි නිලධාරින් සහ සෙසු නිලයින් විසින් 2021 ජුනි මස 20 දින යාපනය ‘මැක්ලියොන්’ වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත දිවා ආහාර වේලක් පරිත්‍යාග කළහ.

එහිදී, එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත දිවා ආහාරයට අමතරව ත්‍යාග පාර්සල් සහ සනීපාරක්‍ෂක භාණ්ඩ ද පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.