25th June 2021 17:00:39 Hours
66 වන සේනාංකයේ බුද්ධි හා ආරක්‍ෂක කණ්ඩායම් වෙත ලද බුද්ධි තොරතුරකට අනුව 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් සමඟ එක්ව පසුගිය සිකුරාදා (25) දින කිලිනොච්චි, නල්ලූර්, සීතකුඩිරිප්පු ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 80 ක බරකින් යුත් කේරළ ගංජා පාර්සල් 40 ක් සොයාගන්නා ලදී.
මෙම මෙහෙයුමේදී, එක් බෝට්ටුවක්, බොලෙරෝ කැබ් රථයක් සහ නීතිවිරෝධී මත්පැන් පිරවූ කෑන් එකක් සමඟින් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු අදාළ ගංජා තොගය සමඟ වැඩිදුර පරික්‍ෂණ සඳහා කිලිනොච්චි පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම් අනුව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අරමුණින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ව්‍යෘපෘතිය සඳහා දායකත්වය සපයමින් යුද්ධ හමුදා භටපිරිස් අත්අඩංගුවට ගැනීමේ සහ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.