Header

Sri Lanka Army

Defender of the Nation

25th June 2021 16:00:39 Hours

56 වන සේනාංකය පරිත්‍යාගශීලීන්ගේ සහාය ඇතිව පිසූ ආහාර පාර්සල් 700 ක් බෙදාදෙති

56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් පොසොන් පොහොය නිමිති කරගනිමින් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින වවුනියාව ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් අතර පිසූ ආහාර පාර්සල් 700 ක් බෙදාදුන්හ.

පවතින කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මහජනතාව මුහුණ පා ඇති විවිධ දුෂ්කරතා පිළිබඳව සොයාබැලීමෙන් අනතුරුව වවුනියාව දිස්ත්‍රික්කයේ පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකුගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. අවශ්‍යතා සහිත පවුල්වල සාමාජිකයින් වෙත මෙම ආහාර පාර්සල් බෙදාදීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන් වෙත ආහාර පාර්සල් ලබාදෙනු ලැබූහ.