Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2021 23:35:53 Hours

12 වන සේනාංකයේ භටපිරිස් කතරගම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදෙති

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමන්ගේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් වෙත කතරගම ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරින් විසින් දැනුම්දීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක පාර්සල් 5000 ක් පමණ බෙදාදීමට කටයුතු කළහ.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ උපදෙස් සහ 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලේකුඹුර ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ජුනි මස 24 සහ 25 දෙ‍දින තුළ පවත්වන ලදී.

පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයට සමගාමීව මෙම වැඩසටහන පවත්වනු ලැබූ අතර කතරගම ප්‍රදේශයේ පිහිටි දෙටගමුව, සෙල්ලකතරගම, කරවිලේ සහ කඳසුරිඳුගම යන නගරබද ප්‍රදේශවල කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින අවශ්‍යතා සහිත පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදුන්හ.