Header

Sri Lanka Army

Defender of the Nation

25th June 2021 13:00:39 Hours

111 වන බලසේනාවේ භටපිරිස් දිවා ආහාරය සඳහා කෑම පාර්සල් බෙදාදෙති

111 වන බලසේනාවේ භටපිරිස් පොසොන් පොහෝ දිනය නිමිතිකරගනිමින් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින ගම්පොල ප්‍රදේශයේ ජීවත්වන පවුල් අතර දිවා ආහාරය සඳහා කෑම පාර්සල් තොගයක් බෙදාදුන්හ.

ගම්පොල, කුරුඳුවත්ත ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ගැටලු පිළිබඳ සොයාබැලූ 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක එම බලසේනාවේ භටපිරිස්වල දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා එම ප්‍රදේශයේ ව්‍යවසායකයෙකු වන කුමා වීරසූරිය මහතා ගේ අනුග්‍රාහකත්වය හිමිවූයේය. ඒ අනුව, යුද්ධ හමුදා භටපිරිස් විසින් කුරුඳුවත්ත ප්‍රදේශයේ තෝරාගත් පිරිස් වෙත ආහාර පාර්සල් සහ පානීය ජල බෝතල් පරිත්‍යාග කිරීමට කටයුතු කළහ.

පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කරගනිමින් පවත්වනු ලැබූ මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ සිය දායකත්වය ලබාදුන්නේය.