Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2021 10:52:58 Hours

පානළුව 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා ගොවිපලේ 'මී' පැළ රෝපණය කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද ‘තුරු මිතුරු නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සී.එස් දේමුණි ගේ අධීක්‍ෂණය යටතේ පානළුව ගොවිපලේ 'මී' පැළ රෝපණය කිරිමේ වැඩසටහනක් දියත් කරන ලදී.

ඒ අනුව, හංවැල්ල ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව ‘මී’ පැළ 100 ක් රෝපණය කරන ලදී. මෙම වැඩසටහන පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවලට අනුකූලව පවත්වන ලදී.