25th June 2021 15:00:39 Hours
231 වන බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් පොසොන් පොහෝ දින (24) නිමිතිකරගෙන මඩකලපුව, කිරන ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් 45 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදාදුන්හ.
මෙම වැඩසටහන 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චිගේ මඟපෙන්වීම සහ 4 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එල්. ජයසිංහගේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී. එම ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත අදාළ ග්‍රාම සේවක නිලධාරින් සමඟ සාකච්ඡා පවත්වා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් ආදායම් මාර්ග අහිමිව පීඩාවට පත්ව සිටින අවශ්‍යතා සහිත පවුල් තෝරාගැනීමෙන් පසු මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.
මෙම වියළි සලාක අතර සහල්, පරිප්පු, හාල්මැස්සන්, කුළුබඩු, ධාන්‍ය වර්ග, කිරිපිටි සහ දෛනික ආහාර පිළියෙල කිරීම සඳහා අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය වලින් සමන්විත වේ. මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ 23 වන සේනාංක මූලස්ථානයේ දායකත්වය ද හිමිවූහ.