Header

Sri Lanka Army

Defender of the Nation

25th June 2021 14:00:39 Hours

යුද්ධ හමුදා භටපිරිස් වවුනියාව නගරයේ ප්‍රසිද්ධ ස්ථාන විෂබීජහරණය කරති

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල ගේ උපදෙස් මත 562 වන බලසේනාවේ භටපිරිස් විසින් කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින වවුනියාව නගරයේ පොදු ස්ථාන විෂබීජහරණ ව්‍යාපෘතියක් පවත්වනු ලැබූහ.

562 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සේනක ප්‍රේමවංශ ගේ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලැබූ මෙම වැඩසටහනේදී බස් නැවතුම්පලවල්, දුම්රිය ස්ථාන, සුභසාධන මධ්‍යස්ථාන, රාජ්‍ය සහ පුද්ගලික බැංකු, පොදු වෙළඳපොල, රෝහල් පරිශ්‍රය, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන, මහජනතාව එක්රැස්වන පොදු ස්ථාන සහ ත්‍රිරෝදරථ නැවතුම්පලවල් වැනි ස්ථාන විෂබීජහරණය කරන ලදී.

8 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුව, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් සහ නගර සභා සේවකයින් ගේ සහයෝගය ඇතිව 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ආරක්‍ෂිත උපකරණ භාවිතා කරමින් මෙම වැඩසටහන පවත්වනු ලැබූහ.