Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2021 11:57:47 Hours

වන්නි භටපිරිස් රුවන්ගම අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තබයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි මගින් ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව නිවාස ඉදිකරදීමේ ව්‍යපෘතිය යටතේ පසුගිය සිකුරාදා (11) දින තන්තිරිමලේ,රුවන්ගම පදිංචි ඒ. රවින්ද්‍ර රණසිංහ මහතා වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබීය.

වයස අවුරුදු 1, 9 සහ 11 යන වයස්වල දරුවන් තිදෙනෙකු සිටින ප්‍රතිලාභියානිවසක් නොමැතිව බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටියදී යුද්ධ හමුදා භටපිරිස්වල අවධානයට යොමු විය.

212 වන බලසේනාවේ බලසේනාධිපතිගේ ඉල්ලීමකට අනුව හෝමගම පදිංචිපරිත්‍යාගශීලියෙකු වන රසිත් මනතුංග මහතා මෙම නිවස ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා මූල්‍යාධාර ලබාදී තිබේ. නිවසේ ඉදිකිරීම් කටයුතු 5 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්වල තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය උපයෝගී කරගනිමින් සිදු කෙරෙයි.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාරගේ උපදෙස් මත 21 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 212 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පැවැති මුල්ගල තැබිමේ උත්සව අවස්ථාව සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොෂාන් රාජපක්‍ෂ, වවුනියාව මහජන බැංකුවේ සහකාර ප්‍රාදේශීය කළමනාකරු, 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීයුද්ධ හමුදා නිලධාරීන් සහ භටපිරිස් මෙන්ම ප්‍රතිලාභියාගේ පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගි වූහ.