Header

Sri Lanka Army

Defender of the Nation

25th June 2021 18:00:39 Hours

නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 1,042 ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් ඇත

අද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,876 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 16 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර එක් පුද්ගලයෙකු මෙරටට පැමිණි විදේශීකයෙකු වේ. ඉතිරි පුද්ගලයින් 1,859 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 378 ක් ලෙසය. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 347 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 176 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 958 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (26) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 249,925 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 143,708 වේ.

අද (26) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සිටි සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1,843 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (26) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 72 ක් තුළ පුද්ගලයින් 8,389 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (26) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 27 ක් තුළින් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 10,42 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ජුනි මස (24) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 22 ක් සහ පිරිමි මරණ 26 ක් ඇතුලුව මරණ 48 ක් වාර්තාවී ඇත.

අද (26) දින උදෑසන වනවිට හුදෙකලා භාවයෙන් ඉවත්කරන ලද ග්‍රාම නිලධාරි වසමත් සමග දිවයින පුරා පොලිස් බලප්‍රදේශ 09 ක් සහ ග්‍රාම නිලධාරි වසම් 356 ක් සම්පුර්ණයෙන් හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර ඇත. එසේම අද (26) දින උදෑසන නවතමයෙන් හුදෙකලා කරන ලද ග්‍රාම නිලධාරී වසම් 04 ත් සමඟ මේ වනවිට දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 61 ක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතී.