01st July 2021 11:00:53 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය 25 වෙනි සංවත්සර 2021 ජූනි මස 18 වන දින මහත් අභිමානයෙන් යුතුව පවත්වන ලදී. සංවත්සරයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංවත්සර දින සැමරුම සනිටුහන් කරමින්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා නව නමක් උදෙසා දානය පිළිගැන්වූ අතර, දානමය පිංකම සඳහා වැඩම කළ භික්‍ෂූන් වහන්සේලා නර්තන ශිල්පීන් සහ බෙර වාදකයින්ගෙන් සැදුම්ලත් වර්ණවත් පෙරහැරකින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නිලධාරී නිවස්නය වෙත වැඩම කරවන ලදී.
සංවත්සරයට සමගාමීව 2021 ජුනි මස 19 වන දින පලාලි රණවිරු ස්මාරකය අභියස ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ක්‍රියාන්විත මෙහෙයුම්වල නිරතව සිටියදී ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දැක්වූහ. එම අවස්ථාව සඳහා සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සභාගී වූහ.
හමුදා සම්ප්‍රදායානූකූලව පැවති මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත 17 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කළහ.
ඉන් අනතුරුව, ආඥාපතිතුමන් එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය. එම අවස්ථාව සඳහා 51, 52 සහ 55 යන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පසුව, සේනාංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟ තේපැන් සංග්‍රහයකට සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය භටපිරිස් අමතමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ස්ථාපිත කිරීම සහ එහි සාඩම්බර ඉතිහාසය පිළිබද ඔවුන් දැනුවත් කළේය. තවද භටපිරිස්වල උනන්දුව සහ කැපවීම පැසසුමට ලක්කල ආඥාපතිතුමන් යාපනය ජනතාව වෙනුවෙන් සිදුකළ හැකි සේවය උපරිම අයුරින් ඉටුකිරීමට වගබලාගන්නා ලෙස භටපිරිස් දැනුවත් කළේය.
සංවත්සර දින අවසන් අංගය ලෙස ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවා වීරෝදාර රණවිරුවන්ට සෙත්පතා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේ පිහිටි බුදු මැදුර අභියස බෝධි පූජාමය පිංකමක් ද පැවැත්වූහ. මෙම සංවත්සරයට අදාළ සියලු වැඩසටහන් නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදී.