Header

Sri Lanka Army

Defender of the Nation

20th June 2021 04:00:43 Hours

ආසේමු මුලතිව් වෙතින් නික්මයන ආඥාපතිට ආරක්‍ෂක සේනා මූලස්ථානය -මුලතිව් ගෞරවාචාරය

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ලෙස රාජකාරී ඉටුකර සිය ධුරයෙන් නික්මයන මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා (22) දින ආරක්‍ෂක සේනා මූලස්ථාන - මුලතිව් පරිශ්‍රයේදී පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් පරිශ්‍රය වෙත සපැමිණි, නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ආඥාපතිතුමන් වෙත 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිසක් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කළේය. අනතුරුව, ආඥාපතිතුමන් නික්මයාම සනිටුහන් කරමින් නිලධාරීන් සහ සෙසුනිලයන් ඉදිරියේ රාජකාරි භාරදීමේ නිල ලේඛණයට අත්සන් තැබූහ.

අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකළ ක්‍රීඩා සංකීර්ණය නික්මයන ආඥාපති මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ විසින් විවෘත කළේය. පසුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් භටපිරිස් ඇමතු හෙතෙම සිය ධුර කාලය තුළ රාජකාරීන් සිදු කිරිමේදී තමා වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන්ට සිය කෘතඥතාවය පලකරමින් නව ආඥාපතිතුමන්ට ද එලෙසින්ම සහයෝගය ලබාදෙන ලෙස භටපිරිස් දැනුවත් කළේය. පසුව සේනාංකාධිපතවරුන් විසින් නික්මයන ආඥාපතිතුමන්ගේ සේවය අගයමින් සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

සමුගැනීමේ උත්සවය අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සියලුම නිලධාරීන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.

නික්මයන ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ පුතුක්කුඩිරුප්පු ස්ථාපිත 682 වන බලසේනා මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද මූලස්ථාන ගොඩනැගිල්ල ද විවෘත කරන ලදී. මෙම උත්සවයට අදාළ සියලු වැඩසටහන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වන ලදී.