26th June 2021 05:42:03 Hours
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (25) දින පැවති සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුලු සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.
මෙහිදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 25 වන දින දක්වා පැවති සංචරණ සීමාවන් ඉවත් කරන විට කොවිඩ්-19 ආසාදිතයින්ගේ අඩුවීමක් ඇති බව කමිටු සාකච්ඡාව හමුවේ ප්‍රකාශ කරන ලදී. කෙසේ වෙතත් මහජන හමුවීම්, විවාහ උත්සව, ප්‍රිය සම්භාෂණ සහ පිරිස් ඒකරාශි වීමට ඇති අවකාශයන් සඳහා තවදුරටත් සීමා පනවා ඇති බව ප්‍රකාශ කරන ලදී.
හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉදිරි සතිය තුළ තවදුරටත් ආසාදිතයින් හමුවීමේ අඩුවීමක් දැකිය හැකි බවයි.
එමෙන්ම නව කොවිඩ්-19 ආසාදිත ප්‍රභේද දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හමුවීම නිසා ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා කර ඇති බව තවදුරටත් පැවසීය. එසේම දිවයිනේ දැනට වෛරසය ආසාදනය වී මියයන සංඛ්‍යාව හා පිරිස පිළිබඳ සඳහන් කළ අතර, නිවැරදි තත්ත්වය යවත්කාලීන කිරීම පිළිබඳව අදහස් පළ කළේය. එමෙන්ම දැනට සිදුකරනු ලබන ‘PCR’ පරීක්ෂණ හා ‘Antigen’ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කරන ලදී.
එමෙන්ම, දැනට සිදුකරමින් පවතින එන්නත්කරණ වැඩසටහන් පිළිබඳව අදහස් දැක්වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා තවතවත් සීනෝෆාර්ම් (Sinopharm) එන්නත් දිවයිනට ලගා එමින් පවතින බවත් එමගින් තවත් මහජනතාව එන්නත්කළ හැකි බව පැවසීය. යුද්ධ හමුදා මගින් පාලනය කරනු ලබන එන්නත්කරන මධ්‍යස්ථාන කොළඹ, ගම්පහ සහ කළුතර යන ස්ථානයන්හි සිදු කරනු ලබන අකාරය පිළිබද සඳහන් කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඇඟලුම් කර්මාන්තවල අයවලුන් එන්නත්කරණයට ලක්කරන ආකාරය පිළිබඳව ද කාර්යසාධක බලකායේ සාමාජිකයන් දැනුවත් කළේය.
දැනටමත් කොග්ගල හා සීතාවක ඇඟලුම් කර්මාන්තවල අයවළුන් එන්නත්කරණය සිදුකර ඇති බව පැවසූ යුද්ධ හමුදාධිපතිතුමන් ඉදිරි දිනවල කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශවල මේ ආකාරයෙන්ම ඇඟලුම් සේවකයන් එන්නත්කරණය සිදුකිරීමට නියමිත බවත් පැවසීය.
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස්වලට අනුව එන්නත් කරන ක්‍රියාවලිය නිසි සැලසුමකට අනුව රාජ්‍ය අයතන හා සම්බන්ධීකරණයකින් යුක්තව ක්‍රියාකිරීමට උපදෙස් ලබා දී ඇති බවත් ඒ අනුව එම කාර්යය සිදු කරන බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.
තවද, ඉදිරි සැලැස්ම අනුව රෝහල්වල එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා එන්නත්කරණ ස්ථාන ස්ථාපිත කිරීමට නියමිතව ඇති බව ද යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. එමෙන්ම ඔහු විසින් දැනට සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය පිළිබදවත් සාකච්ඡා කරන ලදී.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද සභාව හමුවේ සිය අදහස් පලකරන ලදී.