Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2021 06:25:15 Hours

යුද්ධ හමුදා භටපිරිස් අම්පාර දිස්ත්‍රීක්කයේ අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදාදෙති

අම්පාර වලතාපිටිය දමිළ ගම්මානයේ විවිධ අවශ්‍යතා සහිත පවුල් සඳහා රුපියල් 3000 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 400 ක්, පසුගිය අගහරුවාදා (15) දින බෙදා දුන්හ. මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන සඳහා බුද්ධංගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය සුසීම හිමියන් අනුග්‍රාහකත්වය දැක් වූයේය.

24 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඇතිව විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් භටපිරිස් විසින් මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන දියත් කරන ලදී.

පරිත්‍යාග වැඩසටහන සඳහා පූජ්‍ය සුසීම හිමියන්, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා, අම්පාර දිස්ත්‍රීක් ලේකම්, රාජ්‍ය නිලධාරීන්, යුද්ධ හමුදා නිලධාරීන් සහ භටපිරිස් සහභාගී වූහ.