Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2021 09:33:02 Hours

භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් මඩකලපුව රෝහලට තාක්ෂණික උපාංග

යුද්ධ හමුදා භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් මඩකලපුව ශික්ෂණ රෝහල සඳහා අවශ්‍යතාවයක්ව පැවති තාක්‍ෂණික උපාංග තොගයක් පසුගිය දිනක මඩකලපුව බිෂොප් නිවසේදී මඩකලපුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කලරන්ජානි ගනේෂලිංගම් වෙත ලබාදුන්නේය.

රෝහලේ පරිපාලන අංශයට අවශ්‍යතාවයක්ව පැවති පරිගණක, මුද්‍රණ යන්ත්‍ර, විදුලි සැපයුම් ඒකක, ස්මාර්ට් ජංගම දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර ඇතුලු තාක්ෂණික උපකරණ තොගයක් මෙලෙස පරිත්‍යාග කරන ලදී. මෙම පරිත්‍යාගයන් සඳහා 231 වන බලසේනාවේ බලසේනධිපති බ්‍රිගේඩිර් විජිත හෙට්ටිආරච්චිගේ සම්බන්ධීකරණයෙන් ඕස්ට්‍රේලියාවේ සිටින ඉංජිනේරුවන් පිරිසක් අනුග්‍රහකත්වය දක්වන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා මඩකලපුව රදගුරු, ජෝශප් පොන්නයියා, රතු කුරුස කමිටුවේ නිලධාරී වසන්ත රාජා සහ මඩකලපුව සිවිල් සංගමයේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.