Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2021 10:15:06 Hours

23 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් මඩකලපුව ශික්ෂණ රෝහලට PCR යන්ත්‍රයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකය යටතේ ඇති 231 වන බලසේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් මඩකලපුව ශික්ෂණ රෝහලේ භාවිතය සඳහා අවශ්‍ය ‘PCR’ යන්ත්‍රයක් ලබා දීමට මූලිකත්වය ගෙන ඇති අතර, එමගින් දිනකට රෝහල තුළ ‘PCR’ පරීක්ෂණ 1000 පමණ සිදුකිරීමේ හැකියාව පවති.

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින්‍ පිරිසක් එක්ව මඩකලපුවේ ශික්ෂණ රෝහල වෙත PCR යන්ත්‍රය පරිත්‍යාග කිරීම සඳහා දායකත්වය දැක් වූහ.

‘PCR’ යන්ත්‍රය රෝහලට පරිත්‍යාග කිරීමේ අවස්ථාව සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සහ 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි සහභාගී වූහ.