Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2021 08:00:15 Hours

නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 542 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (24) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,196 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 18 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,178 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 436 ක් ලෙසය. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 324 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 318 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 1100 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (24) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 246,108 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 140,081 වේ.

අද (24) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සිටි සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1,890 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (24) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 73 ක් තුළ පුද්ගලයින් 7,911 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (24) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 19 ක් තුළින් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 542 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ජුනි මස (22) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 25 ක් සහ පිරිමි මරණ 40 ක් ඇතුලුව මරණ 65 ක් වාර්තාවී ඇත.

මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන අවස්ථාව වනවිටත් පනවන ලද සංචරණ සීමාවන් ඒ අයුරින්ම ක්‍රියාත්මක වේ.