Header

Sri Lanka Army

Defender of the Nation

23rd June 2021 16:24:33 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ගර්භනී කාන්තාවන් සදහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු ත්‍යාග පාර්සල් බෙදාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මගින් පවත්වාගෙන යනු ලබන ගොවිපලවල්වල සේවය කරන ගර්භනී කාන්තාවන් සදහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඇතලත් වියලි සලාක පාර්සල් තොගයක් ආරක්‍ෂක සේනා අඥාපති - යාපනය විසින් කරනු ලැබු යෝජනාවකයට අනුව ඉකුත් අඟහරුවාදා (22) දින ලබාදුන්හ.

මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන සදහා පැමිණි ආරක්‍ෂක සේනා අඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා විසින්ගර්භනී කාන්තාවන් සඳහා පිළියල කර තිබු සහල්, පරිප්පු, සීනි, කිරිපිටි, තේ, කරවල, බිස්කට් පැකට් සහ සෝයා ඇතුලත් පෝෂදායි ආහාර ද්‍රව්‍ය අඩංගු සලාක පාර්සල් ලබාදුනේය.

ඊට අමතරව, දරු ප්‍රසූතියෙන් පසු භාවිතයට ගැනීම සඳහා ළදරු භාණ්ඩ සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇසුරුම් ද ඔවුන් වෙත ලබා දුන්නේය. එම අවස්ථාවට පැමිණි පුද්ගලයින් සඳහා තේපැන් සංග්‍රහයක් ද පිරිනැමීය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ භටපිරිස් සහභාගී වූහ.