Header

Sri Lanka Army

Defender of the Nation

22nd June 2021 19:51:13 Hours

මිනුස්මා (MINUSMA) බලකා ආඥාපති ශ්‍රී ලංකා කඳවුරේහි සංචාරයක

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ ආඥාපති ලුතිනන් ජෙනරල් ඩෙනිස් ගිලෙන්ස්පෝර් (Lieutenant General Dennis Gyllensporre) පසුගියදා මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමේ (Combat Convoy Company) කාර්යභාරය පිළිබඳ සොයා බැලීම සඳහා නිල සංචාරයක නිරතවූයේය.

එම අවස්ථාවේදී මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ ආඥාපති අදහස් දක්වමින් පවසා සිටියේත්‍රස්තවාදින්ගේ බලපෑම් සහ පවතින ගැටුම් කාරි තත්ත්වය මත සිවිල් වැසියන් ආරක්‍ෂා කරමින්මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය (MINUSMA) යටතේශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම (Combat Convoy Company) සිදුකරනු ලබන සේවය පැසසුමට ලක් කළේය.

තවද, ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම (Combat Convoy Company)වර්ෂ 2017 සාම සාධක රාජකාරීන් සඳහා යෙදවූ දින සිටඑක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට ආරක්‍ෂාව සපයමින් භාණ්ඩ සහ සිවිල් වැසියන්ගේ ජීවිතමෙන්ම වාහනවල ආරක්‍ෂාව තහවුරු කරමින් අඛණ්ඩව සිදුකරනු ලැබු ආරක්‍ෂක වැඩපිළිවෙල ද එතුමන් අගයකළේය.

මෙහිදි ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමේ (Combat Convoy Company) අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් දිනේෂ් බුලත්සිංහල විසින් සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ කාර්යභාර්ය හා වගකීම් පිළිබඳව ඉදිරිපත් කිරීමක් මගින් පැහැදිලි කරනු ලැබීය.