Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2021 18:00:38 Hours

යුද්ධ හමුදා දිවියෙන් නුදුරේදී විශ්‍රාම ගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරිහට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම්

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රමගැනීමට නියමිත කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් බිහිවු විශිෂ්ඨ නිලධාරීකෙු වන මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂගේ සේවය ඇගයුමට ලක් කිරීම වස් ඉකුත් සදුදා (21) දින යුද්ධ හමුදා මුලස්ථානය වෙත ආරාධනා කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන් සිදුකල විශිෂ්ඨ සහ නිකැලැල් සේවය ඇගයුමට ලක්කරමින් ඉදිරි අනාගතය වෙනුවෙන් සිය සුභපැතුම් පිරිනමන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂගේ සේවය ඇගයූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලක්බිමට සාමය උදාකරදීමේ මානුෂිය මෙහෙයුමේදී අතිවිශාල දායකත්වයක් දක්වමින් එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාර හමුවේ තුවාල ලබාසිටිනඅභීත අණදෙන නිලධාරීන්ගෙන්එක් අයෙකු බව පැවසූහ.

මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ යුද්ධ හමුදාවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුව තුළ ප්‍රධාන තනතුරු ගණනාවක් හොබවා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. එතුමන්ගේ හමුදා ජීවිතයේ මතකය ආවර්ජනය කළ යුද්ධ හමුදාධිපතිතුමන් සඳහන් කළේ යුද්ධ හමුදාව තුළ සෑබෑ දක්‍ෂතාවයන්,රණශූරත්වය සහ ආදර්ශවත් හැසිරීම පිළිබිඹු කරමින් මේජර් ජෙනරල් තනතුරට පත්ව සිටින මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි කමාන්ඩෝ රෙජිමේන්තුවේ කීර්තිනාමය ඉහල නැංවීම සඳහා ඉමහත් කැපකිරීමක් සිදුකර ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බවයි. තවදසිය රාජකාරී කාලය තුළ තමා යටතේ සිටින සෙබළුන්ගේ සෑම ගැටළුවකටම ඇහුම්කන් දීමට තරම් කාරුණික හඳවතක් ඇති යුද ඉතිහාසයේ නොමැකෙන මතකය රැදවූ විරුවෙක් බවද පවසමින් විශ්‍රාම ගැනීමෙන් පසු ද යුද්ධ හමුදාවේ ඉදිරි දැක්ම වෙනුවෙන් අදහස් සහ එතුමන්ගේ අත්දැකීම් බෙදාගැනීමට එක්වෙන ලෙසට ද ඇරයුම් කළේය.

යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාවය පළ කළ අතර සිය රාජකාරී ඉටු කිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් තමාට ලබාදුන් දිරීගැන්වීම් හා සහය පිළිබඳව ද විශේෂයෙන් මෙහිදී සඳහන් කළේය. මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සමරුතිළිණක් ද පිරිනැ මුවේය.

මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂවර්ෂ 1987 දී යුද්ධ හමුදාවටබැදි කමාන්ඩෝ රෙජිමේන්තුව හාඑක්වූ එතුමන් 'ජය සිකුරු', 'අකුනු පහර' ඇතුළු ක්‍රියාන්විත රැසකට දායකත්වය ලබාදී ඇත. තවද මුහමාලෙයි, කට්ටපරිච්චන්, විල්පත්තු වනාන්තරවල එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් සඳහා ද දායක වි ඇති අතර, ගලවාගැනීමේ මෙහෙයුම් සහ ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකත්වය ලබාදී ඇත.

මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ අණදෙන නිලධාරියෙකුව සිටි කාලයේවිශේෂ මෙහෙයුම් සඳහා කමාන්ඩෝකුඩා කණ්ඩායම් 5000 කට අධික සංඛ්‍යාවක් පිහිටුවමින්සතුරු මරමස්ථානවිනාශ කිරීම සඳහා බුද්ධි තොරතුරු ලබාගැනීම සදහා අණදුන් මෙතුමන් විල්පත්තුව වනාන්තරය අවට පූර්ණ ආරක්‍ෂාවක් සැපයීමට ද දායක වී ඇත. මෙතුමන්

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්ෂ ලෙසද සේවය කර ඇති අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සිදූවූ අවස්ථාවේ (2019 අප්‍රේල් 21)කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානවල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නේය.

68 වන සේනාංකයේ සේනාංකාධිපති, 58 වන සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක, 541 සහ 623 වන බලසේනාවන්හී බලසේනාධිපති ධූරය හෙබවූ අතර, ඊට අමතරව කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති තනතුර සහ අවසන් වශයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් තනතුරේ රාජකාරී ඉටුකරන ලදී.