Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2021 13:30:08 Hours

ග්‍රාම නිලධාරී වසම් 53 ක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (22) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,131 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 33 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,098 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 271 ක් ලෙසය. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 229 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 208 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 1,390 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (22) දිනඋදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 241,819 ක් ලෙස වාර්තා වේ.ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 135,957 වේ.

අද (22) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සිටි සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1,898 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (22) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල්තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 73 ක් තුළපුද්ගලයින් 7,807 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (22) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 15 ක් තුළින් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 546 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ජුනි මස (20) වන දින ශ්‍රී ලංකාව තුළින්කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 22ක් සහ පිරිමි මරණ 30 ක් ඇතුලුව මරණ 52 ක් වාර්තාවී ඇත.

අද (22) දින උදෑසන හුදෙකලා භාවයෙන් ඉවත් කරන ලද ග්‍රාම නිලධාරී වසමත් සමග මේවන විට දිවයින පුරා සම්පුර්ණයෙන් හුදෙකලා කර තිබු පොලිස් බලප්‍රදේශ 09 ක් සහ ග්‍රාම නිලධාරි වසම් 340 ක් හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර ඇත. එසේම අද (22) දින උදෑසන නවතමයෙන් හුදෙකලා කරන ලද ග්‍රාම නිලධාරී වසම් 02 ත් සමඟ මේ වනවිට දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 53 ක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතී. ඉවත් කර ඇති සංචරණ සීමාවන් බදාදා (23) දින රාත්‍රී 10.00 ට නැවත පනවනු ලැබේ.