Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2021 12:56:08 Hours

යුද්ධ හමුදා භටපිරිස් අග්බෝපුර සිවිල් වැසියන්ට වියළි සලාක පාර්සල් බෙදාදීමට දායක වෙයි

56 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 563 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ ජුනි මස 15 වන දින අග්බෝපුර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 11 ක සාමාජිකයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් අතර වියළි සලාක පාර්සල් සහ පිසූ ආහාර පාර්සල් බෙදා දුන්හ.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්ගේ අනුග්‍රහය ඇතිව මෙම සහන වැඩසටහන දියත් කරන ලදී.

මෙම වැඩසටහන සදහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල, 563 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා, සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.