Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2021 21:00:39 Hours

කොවිඩ්-19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රතිකාර සඳහා තවත් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

සපුමල්ගස්කඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනමේ නිර්මාතෘ පූජ්‍ය ශාන්ති බෝධි ස්වාමින් වහන්සේ වව්නියාව දිස්ත්‍රීක්කයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ටප්‍රතිකාර කිරීම සඳහා රුපියල් (ලක්‍ෂ) 300,000.00ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ යන්ත්‍ර 2ක් (syringe pumps) ඉකුත් බදාදා (16) දින පරිත්‍යාග කරන ලදී.

වව්නියාව දිස්ත්‍රික් රෝහලේදී එම රෝහල්අධ්‍යක්‍ෂ වරයා වෙත මෙම වෛද්‍ය උපකරණ යන්ත්‍ර 2ක් පරිත්‍යාග කරන ලද අතර, මෙම වැඩසටහනආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සම්බන්ධතාවයෙන් 56 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 563 වන බලසේනාවේ බලසේනාධිපතිගේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිති මේජර් ජෙනරල් නන්දන දුනුවිල 563 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් සහභාගී වූහ.