20th June 2021 06:44:43 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකු ඊයේ (19) දින එරාවූර් ප්‍රදේශයේ වීදියකදී යුද්ධ හමුදා ගෞරවයට හා විනයට පටහැනි ලෙස කටයුතු කරමින් සිවිල් වැසියන් කිහිපදෙනෙකුට හිරිහැර වන අයුරින් කටයුතු කල බව සඳහන් කරමින් ඒ සබැදි ඡායාරූප සමාජ මාධ්‍යජාලවල පලවීමත් සමග ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත එම සිදුවීමට සම්බන්ධවු සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් මේවන විට රාජකාරියෙන් ඉවත් කරවෙනත් ස්ථාන වෙත අනුයුක්ත කර ඇත.
මෙම සිදූවීම සම්බන්ධයෙන් විධිමත් මූලික පරීක්‍ෂණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලීසිය විසින් ආරම්භකර ඇති අතර එම පරීක්‍ෂණයෙන් කරුණුඅනාවරණය කර ගැනීමෙන් අනතුරුව මැදිහත් කරුවන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට යුද්ධ හමුදාධිපති විධානය අනුව කටයුතු කෙරෙනු ඇත.